JUN
05
අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කරයි

ලොව ප්‍රමුඛතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබේ. ජූලි මාසයේ සිට දෛනික නිෂ්පාදනය අතිරේක බැරල් මිලියනයකින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස සඳුදා තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලරයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 77.64ක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක වත්මන් මිල ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලර් 1.51කින් හෙවත් 2%කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
225 Views
Comments