FEB
19
යුක්‍රේනයේදී රුසියානු හමුදා භටයින් 30000 ක් මිය ගොස් ඇති බව ධවල මන්දිරය කියයි

යුක්‍රේනය සමග නොනවතින යුද්ධයක පැටලී සිටින රුසියාවේ, නිල නොලත් හමුදා භට පිරිස්වලින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා හෝ මරණයට පත් වී ඇති බව ඇමරිකානු ඔත්තු සේවා වාර්තා කරයි.
යුක්‍රේනයේ බක්මූට් නගරය අත්පත් කර ගැනීමේ සංග්‍රාමය සඳහා රුසියාව විසින් තම සිර කඳවුරු වල රඳවා සිටි නිසි හමුදා පුහුණුවක් නොලත් රැඳවියන් පවා හමුදා නිල ඇඳුම් අන්දවා යුද්ධයට රැගෙන ගොස් ඇති බව ද, ධවල මන්දිර මාධ්‍ය ඒකකය සඳහන් කරන අතර මෙම නුපුහුණු හමුදාවෙන් 9000 ගේ පමණ මරණ තහවුරු වී ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.
180 Views
Comments