SEP
20
නන්මඩෝල් තවත් දරුණු අතට

නන්මඩෝල් සුළි කුණාටුව නිරිතදිග ජපානයට තද වැසි සහ තද සුළං සමග කඩා වැදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දුන්නේ, සුළි කුණාටුව හේතුවෙන් ගුවන් හා දුම්රිය සේවා අවලංගු වීම්, නිවාස 300,000කට පමණ විදුලිය විසන්ධි වීම් සහ පුද්ගලයින් දුසිම් ගණනකට තුවාල සිදු වීම් වාර්තා වී ඇති බව ය.
එම සුළි කුණාටුව මේ වන විට ජපානයේ ප්‍රධාන දූපත දිගේ නැගෙනහිර දෙසට, ඔසාකා සහ කියෝතෝ නගර දෙසට ගමන් කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, එය අඟහරුවාදා ටෝකියෝ අගනුවරට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
255 Views
Comments