පාකිස්තානයේ මූල්‍ය අර්බුදය උග්‍ර වෙයි

පාකිස්තාන රාජ්‍ය බැංකු විදේශ සංචිත අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුද මධ්‍යයේ ණය ආපසු ගෙවීමට උත්සාහ කිරීම හේතුවෙන් පාකිස්තානය මෙම තත්ත්වයට මුහුණ දී ඇත.
ඒ අනුව මැයි පළමු සතිය තුළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4.38 දක්වා පහත වැටී ඇති බවත් එම සංචිත ප්‍රමාණය පාකිස්තානයේ මාසයක ආනයන සඳහා හෝ ප්‍රමාණවත් නොවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින තත්ත්වය හමුවේ පාකිස්තානය උග්‍ර මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
221 Views
Comments