තුන්වන චාල්ස් රජු කිරුළු පළඳින්න සුළු මොහොතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳින්න සුළු මොහොතයි

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳින්න සුළු මොහොතයි

නව යුගයක සමාරම්භය සනිටුහන් වන තුන්වන චාල්ස් රජු ගේ රාජාභිෂේක මංගල්‍යය තව හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

ලෝක නායකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දහස් සංඛ්‍යාත ජන හර සර මැද ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී මෙම විචිත්‍ර මංගල්‍යය මෙරට වේලාවෙන් පස්වරු 02.50 ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

 

මෙම උත්සවයට රුසියාව, බෙලරුසය, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, වෙනිසියුලාව සහ ඉරානය යන රටවල රාජ්‍ය නායකයන් සහභාගි නොවන බව සඳහන් වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් සහ දරුවන් දෙදෙනා ද එම උත්සවයට සහභාගි නොවන බවයි.

views

243 Views

Comments

arrow-up