APR
29
පකිස්ථානය ආසියානු බැංකුවෙන් මිලියන 5 ක ණය ගනී

2022 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය ලබාගත් රට බවට පකිස්ථානය පත්ව තිබෙන බව වාර්තා වේ.
පසුගිය වසරට අදාලව ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින් මේ බව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව පකිස්ථානය පසුගිය වසරේ දී ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5.58 ක් වේ.
ආසියානු සංවර්ධන බැංකුව 2022 වසරේදී රටවල් 40 ක ට ණය ලබා දී ඇති අතර, එම මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 31.8 ක් වේ.
243 Views
Comments