ඔස්ට්‍රේලියාවේ කාසියක් නිසා වියෙට්නාමයේ ආන්දෝලනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ඔස්ට්‍රේලියාවේ කාසියක් නිසා වියෙට්නාමයේ ආන්දෝලනයක්

ඔස්ට්‍රේලියාවේ කාසියක් නිසා වියෙට්නාමයේ ආන්දෝලනයක්

දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම සම්බන්ධයෙන් වියට්නාමය දැඩි විරෝධය පළකර තිබේ. මෙම කාසිය ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රවණතා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති වියට්නාමය එහි සංසරණය නතර කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඔස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50 ක් සපිරීම නිමිත්තෙන් මෙම සීමාසහිත ඩොලර් දෙකේ කාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ. වියට්නාමයේ විදේශ නියෝජ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඉරි තුනකින් යුත් කහ කොඩිය සහිත භාණ්ඩ නිකුත් කිරීම සහ සංසරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවය.

 

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් UH-1H හෙළිකොප්ටරයක් ද ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

views

217 Views

Comments

arrow-up