ත්‍රස්තවාදයට එරෙහිව පකිස්ථානයෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ත්‍රස්තවාදයට එරෙහිව පකිස්ථානයෙන් ප්‍රකාශයක්

ත්‍රස්තවාදයට එරෙහිව පකිස්ථානයෙන් ප්‍රකාශයක්

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සඳහා සහභාගි වූ සිය ඉන්දීය සංචාරය සාර්ථක බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.

 

 

තමන්ට අවශ්‍ය වන්නේ කිසිම පුරවැසියෙකු ත්‍රස්තවාදයේ ගොදුරක් නොවීමට බවත්, සියළු දෙනා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත්, වෙන්ව සිටියොත් ත්‍රස්තවාදයට ගොදුරු වන බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

 

 

කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, පකිස්ථානය යනු ත්‍රස්තවාදයේ ප්‍රවර්ධකයෙකු, එය සාධාරණීකරණය කරන්නෙකු සහ ත්‍රස්තවාදයේ ප්‍රකාශකයෙකු බවට චෝදනා එල්ල කර තිබේ.

 

 

ඉන්දියාවේ පැවැති මෙම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වී එය අවසන් වූ සැනින් පකිස්ථාන විදේශ අමාත්‍යවරයා යළි සිය රට වෙත පිටත්ව  ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

views

221 Views

Comments

arrow-up