වැග්නර් සටන්කාමීහු බක්මූට් අතහැර දමති

රුසියාවේ වැග්නර් සටන් කණ්ඩායම් ලබන 10 වනදා යුක්‍රේනයේ බකමූට් ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බව එම සටන් කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කර සිටී.
ඔහු පසුගියදා බක්මූට් ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර, එහිදී ගැටුම්වලින් මියගිය වැග්නර් සටන්කාමීන්ගේ සිරුරු සම්බන්ධයෙන් වීඩියෝවක්ද නිකුත් කර තිබෙන බව සඳහන් වේ.
තම සටන්කාමීන් මියයාමේ සිද්ධියට රුසියාවේ ආරක්ෂක අංශ ද වගකිව යුතු බවට ඔහු චෝදනා කර සිටී.
මෙම සටන්කාමීන්ට අවි ආයුධ හිඟයක් ද පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
199 Views
Comments