සුඩානයේ ගැටුම් නිසා පෝලියෝ එන්නත් මිලියනයක් විනාශයි

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් පෝලියෝ එන්නත් මිලියනයකට වඩා විනාශ වී තිබෙන බව වාර්තා වේ. දකුණු ඩාර්ෆූර් ප්‍රදේශයේදී සිදු වූ කොල්ලකෑම් හෝ ගිනිතැබීම් හේතුවෙන් මෙලෙස ගබඩා කර තිබූ එන්නත් විනාශ වී ගොස් ඇති බව යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරයි.
පෝලියෝ වෛරසය හේතුවෙන් අවුරුදු 5 ට අඩු දරුවන් අංශභාගයට හෝ මරණයට පත්වීමට හැකියාව පවතින බවත්, මලාවි, මොසැම්බික් සහ සුඩානය වැනි රටවලින් පසුගිය වසරේ සිට රෝගීන් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අප්‍රේල් 15 වනදා සිට සුඩාන හමුදාව සහ කැරළිකරුවන් අතර ගැටුම් හේතුවෙන් ඩොලර් මිලියන 13 ත් 14 ත් අතර සැපයුම් ප්‍රමාණයක් අහිමි වී ඇති බව ජගත් සංවිධානය සඳහන් කළේය. ඒ ලෝක ආහාර වැඩසටහන ඇතුළු මානුෂීය සහනාධාර සපයන ආයතනවල ආධාර කොල්ලකෑම හේතුවෙනි.
201 Views
Comments