අවමංගල්‍ය උත්සවයේ පෝලිම් පැන්න පුද්ගලයා අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

අවමංගල්‍ය උත්සවයේ පෝලිම් පැන්න පුද්ගලයා අධිකරණයට

අවමංගල්‍ය උත්සවයේ පෝලිම් පැන්න පුද්ගලයා අධිකරණයට

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසලට පෝලිම් පැන පැමිණීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරෙහිව මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

 

පසුගිය සිකුරාදා (16) දින ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගත්තේ අදාළ පුද්ගලයා පෝලිමෙන් පැන වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය අසලට ළඟා වීමට උත්සාහ කළ අවස්ථාවේදී ය.

 

28 හැවිරිදි අදාළ සැකකරු හෙට (19) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි.

 

මීට පෙරද පුද්ගලයෙකුට රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ පෝලිමේ සිටිය දී වරදක් කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

views

252 Views

Comments

arrow-up