SEP
12
චීන - රුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන ජනපති ෂී ජිංපිං හා රුසියානු ජනපති විලැද්මීර් පුටින් අතර හමුවක් ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිතයි.
උස්බෙකිස්ථානයේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වන අතරතුර මෙම හමුව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම හමුවේ දී යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
264 Views
Comments