අඩි 50ක් උඩින් ජෝයිරයිඩර් එකක් කඩා වැටෙයි

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මොහාලී නගරයේ දුසේරා පිටියේ පැවති සැණකෙළියක් අතරතුර තනි කණුවක කැරකෙමින් තිබූ ජෝයිරයිඩර් එකක් කඩා වැටී තිබේ.
අඩි 50ක් පමණ උසකින් ජෝයිරයිඩරය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි යාන්ත්‍රික දෝෂයක් හටගෙන තිබේ.
අනතුරුව එය කැරකෙමින් විශාල ශබ්දයක් නගමින් බිමට ඇද වැටී ඇත.
ජෝයිරයිඩරය කඩා වැටෙන විට එහි පුද්ගලයන් 15 දෙනෙකු පමණ සිට ඇත.
මෙම අනතුරෙන් එහි ගමන් කළ පුද්ගලයන් 10 දෙනකු බරපතළ තුවාල ලබා තිබෙන අතර මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පරිපාලනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
308 Views
Comments