AUG
30
ඉරාක විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදී. පිහිනුම් තටාකයේ පීනමින් ප්‍රීති වෙයි

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයට කඩාවැදී ඇත.
පසුව විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ විශාල පිහිනුම් තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් අනතුරුව බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක අගමැතිවරයා නියෝග කර තිබේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
246 Views
Comments