සූට්කේස් අස්සේ ළමා මළ සිරුරු දෙකක් හමුවූ සිද්ධියේ අභිරහස විසඳුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

සූට්කේස් අස්සේ ළමා මළ සිරුරු දෙකක් හමුවූ සිද්ධියේ අභිරහස විසඳුණු හැටි

සූට්කේස් අස්සේ ළමා මළ සිරුරු දෙකක් හමුවූ සිද්ධියේ අභිරහස විසඳුණු හැටි

සූට්කේස් දෙකක් තුළ තිබී ළමයින් දෙදෙනෙකුගේ ශරීර කොටස් හමුවීමත් සමගම නවසීලන්ත පොලීසිය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුනි.

 

වෙනත් පවුලක් විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති වෙන්දේසියකදී මිලදී ගත් සූට් කේස් තුළ තිබී එම සිරුරු හමුවී  තිබුණි.

 

පසුව සිදුකළ පොලිස් පර්යේෂණවලදී හෙළීවී ඇත්තේ එම දරුවන්ගේ මව දකුණු කොරියාවේ ජීවත්වන බවය.


  
එසේම එම දරුවන්ගේ අනන්‍යතාවයද මේ වනවිට හෙළිකරගෙන ඇති අතර ඔවුන්ගේ තොරතුරු හෙළි නොකරන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බව නවසීලන්ත පොලීසිය පැවසීය.

 

මියයන විට එම දරුවන් වයස අවුරුදු 5ත් 10ත් අතර බවත් ඔවුන් මීට වසර 2ක 3කට පෙර මියයන්නට ඇති බවත් ය.

views

287 Views

Comments

arrow-up