ගුවනේදී නියමුවන් දෙදෙනාටම නින්ද ගිහින් - හාස්කමකින් මෙන් යානය අනූ නවයෙන් බේරුනු හැටි

ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද යාම හේතුවෙන් සිදුවන්නට ගිය ගුවන් අනතුරක් පිළිබඳව ඉතියෝපියාවෙන් වාර්තාවේ.
එරට මගී ගුවන් යානයක් ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී මෙලෙස ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද ගොස් තිබෙන අතර එම නිසා ඔවුන්ට ගුවන්තොටුපොළ මඟ හැරී ගොස් තිබේ.
‘“බෝයිං 737” වර්ගයේ මෙම ගුවන් යානය, සුඩානයේ කර්ටෝම් නුවර සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බලා පැමිණ තිබෙන අතර යානය ස්වයංක්‍රීය නියමු පද්ධතිය මගින් පියාසර කර ඇත.
ගුවන්තොටුපොළ සහ ගුවන්පථය මඟ හැරී, නියමුවන් අවදි වී තිබෙන්නේ ගුවන් පාලන අධිකාරියේ නිලධාරීන් දිගින් දිගටම ඔවුන් ඇමතූ බැවින් වන අතර මිනිත්තු 25කින් පමණ පසු ඔවුන් යානය ගොඩ බස්සවා තිබේ.
405 Views
Comments