AUG
13
ජපානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

උද්ධමනය ඉහළ යමින් පවතින අවස්ථාවක ජපානයේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනයක් සිදු කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කර සිටින්නේ බලශක්ති සහ ආහාර මිල ඉහළ යෑමෙන් ආර්ථිකයට එල්ල වන බලපෑම මැඩ පැවැත්වීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඉහළ යන ජීවන වියදම හමුවේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
297 Views
Comments