සිර ගෙදරින් නිමා වූ ඔන්ලයින් ප්‍රේමය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

සිර ගෙදරින් නිමා වූ ඔන්ලයින් ප්‍රේමය

සිර ගෙදරින් නිමා වූ ඔන්ලයින් ප්‍රේමය

පාකිස්ථාන  ජාතික තරුණියකට ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන ඉන්දියාවට ඒමට උදව්කළ බවට චෝදනා කරමින් ඉන්දීය බලධාරීන් විසින් පසුගිය මාසයේදී ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස පාකිස්ථානයෙන් පැමිණ තිබුණේ ඔහුගේ ආදරවන්තිය බවට වාර්තා විය.

 

ඔවුන් දෙදෙනා මීට වසර 3 කට පමණ පෙර අන්තර්ජාලය හරහා එකිනෙකාව හඳුනාගෙන තිබු අතර ඉන්දීය ජාතික මුලයාම් සිං යදාව් 21 හැවිරිදි ය. තරුණිය 19 හැවිරිදි ඉක්‍රා ජීවනී වේ. 2020 වසරේදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ආරම්භ වී තිබුණේ කොවිඩ් හේතුවෙන් රටවල් වසා තිබුණු කාල පරිච්ඡේදයකය.

 

අන්තර්ජාලය ඔස්සේ ඔවුන් දෙදෙනා අහම්බෙන් හමුවී ඇති අතර පසුව ඔවුන් නිතරම අදහස් හුවමාරු කරගෙන තිබුණි. මුලයාම් බැංගලෝරයේ ආයතනයක සේවය කරමින් සිටි අතර ඉක්‍රා සිසුවියකි. පසු මෙම කතාබහ එය ආදරයකට පෙරළී ඇති අතර එහිදී ඔවුන් සිය අනාගතය ගැනද අදහස් හුවමාරු කරගෙන තිබේ.

views

195 Views

Comments

arrow-up