ඉන්දියාවේ පාලමක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ ඔරෙවා නම් සමාගමේ නිලධාරීන් පිරිසකි.

 

මේ අතර අදාළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාලම කඩා වැටුණු අවස්ථාවේ සිට අතුරුදන්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ මෙම පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ජනතාවට විවෘත කරනු ලැබුවේ පසුගිය සතියේ දී වන අතර එය විවෘත කිරීමට පෙර යෝග්‍යතා සහතික අදාළ ආයතනවලින් ලබාගෙන නොමැති බව මේ වනවිට හෙළි වී තිබේ.

 

views

267 Views

Comments

arrow-up