MAR
22
ඇමරිකානු පරිශීලකයන්ගේ විස්තර චීනයට නොදුන් බවට ටික්ටොක් සමාගම සහතික වෙයි

ප්‍රසිද්ධ සමාජ ජාල වීඩියෝ යෙදුමක් වන ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චී ෂොව් ෂී පවසන්නේ, ඇමරිකානු පරිශීලකයින්ගේ දත්ත චීන රජය සමග කිසිදු අවස්ථාවක හුවමාරු කර නොගත් බවයි.
ටික්ටොක් යෙදවුම භාවිතා කරන ඇමරිකානු පරිශීලකයින්ගේ සංඛ්‍යාව මිලියන 150 ක් ඉක්මවන බව විදෙස් මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කර ඇත.
චීන රජය හෝ එහි පාලනයේ පවතින කිසිදු නියාමන ආයතනයක් ටික්ටොක් යෙදවුම පාලනය කිරීම සඳහා මැදිහත් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
240 Views
Comments