ඉන්දියාව සහ රුසියාව අද හෙටම හමුවෙයි

ඉන්දු-රුසියා ඒකාබද්ධ සමුද්‍රීය මණ්ඩලය ළඟදීම රැස්වීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ස්වභාවික ගෑස් සංචිතය රුසියාව සතු වන අතර මෙම සංචිතවලින් වැඩි ප්‍රමාණයක් රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේ පවතී. රුසියානු තෙල් හා ගෑස් ව්‍යාපෘති සඳහා ඉන්දියාව යොදවා ඇති සමුච්චිත වත්කම ඩොලර් බිලියන 15 ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. එය තෙල් හා ගෑස් වෙනුවෙන් ඉන්දියාව යොදවා ඇති විශාලතම විදෙස් ආයෝජනය වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ රුසියාවේ නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්තුරොව් අතර සඳුදා දින (13) ඔවුන්ගේ ඒකාබද්ධ කොමිසම සමග පැවති රැස්වීමකදී මෙම ගැටළුව සාකච්ඡා කොට ඇත. තවද ඉන්දියාවේ අභ්‍යන්තර ජල මාර්ගවල යාත්‍රා කිරීම වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව රුසියාව සමග හවුල්කාරිත්වයක් අපේක්ෂා කර ඇති බවද මේ පිළිබඳව අදහස් දක්වන්නන් ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ රුසියාව සිය නව සමුද්‍රීය මූලධර්මය නිකුත් කළ අතර එමගින් ඉන්දියාව ඉන්දියානු සාගර කලාපීය උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය බවට පත් කොට ඇති බව වාර්තා වේ. එම මූලධර්මයට මුහුදු වෙරළේ පවතින හයිඩ්‍රොකාබන ගවේෂණය කිරීම සහ දිය යට නල මාර්ග තැබීම යන ක්‍රියාමාර්ගයන් ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් වේ.
199 Views
Comments