පුටින්ට අභියෝග කරන්න රිෂී සුනාක් යුක්රේනයට..!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් තිබෙනවා.
විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ යුක්රේනය වෙත ගිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රිෂී සුනාක්, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේනයට ගොස් ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි හමු වූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රුසියානු ප්‍රහාර හමුවේ, දිගින් දිගටම යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බවට පැවසූ අග්‍රාමාත්‍ය සුනාක්, පවුම් මිලියන 50 ක තවත් ආධාර යුක්රේනයට ලබාදෙන බවට ද යුක්රේන ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබෙනවා.
199 Views
Comments