ස්පාඤ්ඤයේ මිනිසුන් නොමැති ගම්මානයක් අලෙවියට යොමු කරයි

ස්පාඤ්ඤයේ අතහැර දමා ඇති මිනිසුන් නොමැති “සල්ටෝ ද කැස්ත්‍රෝ” නම් ගම්මානය යුරෝ 227,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1980 වසරේ සිට අතහැර දමා ඇති මෙම නගරය නිවාස 44ක්, හෝටලයක්, දේවස්ථානයක්, පාසලක් සහ නාගරික පිහිනුම් තටාකයකින් ද යුක්තය.
මෙම ගම්මානය ඉදිකර ඇත්තේ 1950 වසරේ දී වන අතර ඒ එම ගම්මානයට යාබද ජලාශයක ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයන් සඳහා නවාතැන් ගැනීමටය.
1980 වසරේ දී ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු එම සේවකයන් නගරයෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුව 2000 වසරේ දී පුද්ගලයකු විසින් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා මෙම ගම්මානය මිලදී ගෙන තිබුණ ද එය අසාර්ථක වී තිබේ.
220 Views
Comments