සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වෙයි. මිය ගිය සංඛ්‍යාව 77 දක්වා ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වෙයි. මිය ගිය සංඛ්‍යාව 77 දක්වා ඉහලට

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වෙයි.  මිය ගිය සංඛ්‍යාව 77 දක්වා ඉහලට

සයිප්‍රසය බලා යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් සිරියානු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ.

 

මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් ඇත.

 

අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් 20 දෙනෙකු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අනතුර සිදුවන අවස්ථාව වන විට බෝට්ටුවේ පුද්ගලයන් 120ත්- 150ත් අතර පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

 

ලෙබනන්, සිරියානු සහ පලස්තීන ජාතිකයන් එම බෝට්ටුවේ සිට ඇති අතර කාන්තාවන් ළමුන් ද ඊට ඇතුළත්ය.

 

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

views

283 Views

Comments

arrow-up