පකිස්ථානය චීන තෙල් සමාගමකට දඩ ගසයි

පකිස්ථානයේ අධිකරණයක් විසින් චීන ඛනිජ තෙල් සමාගමකට එරෙහිව ඩොලර් මිලියන 2.48 ක දඩයක් නියම කර තිබේ.
ඉන්ධන කොන්ත්‍රාත්තුවක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත චීන නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන් නම් සමාගමට එරෙහිව එලෙස දඩ නියම කර ඇති බව වාර්තා වේ.
පකිස්ථාන ඛනිජ තෙල් සැපයුම් දෙපාර්තමේන්තුව විසින් අදාල චීන සමාගමට එරෙහිව කොන්ත්‍රාත්තු වගකීම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එරට අධිකරණයක් වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම විභාග කිරිමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඩොලර් මිලියන 2.48 ක මූලික දඩයක් පකිස්ථාන දේශීය තෙල් සමාගමට ගෙවන ලෙසට විනිසුරුවරයා නියෝග කර තිබේ.
191 Views
Comments