සුඩානයේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බේරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

සුඩානයේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බේරා ගැනේ

සුඩානයේ සිරවී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් බේරා ගැනේ

සුඩාන ගැටුම් වලට මැදිව සිටි තවත් ඉන්දීය ජාතිකයින් 229 දෙනෙකු මුදාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවරින් බෙංගලූර් ගුවන්තොටුපළ කරා අද පිටත් කර තිබේ.

 

 

මේ එලෙස යළි ඉන්දියාවට රැගෙන යන හත්වෙනි කණ්ඩායම බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

 

 

ඊයේ පස්වරුවේදීද මුදා ගැනීමට හැකි වූ ඉන්දීය ජාතිකයින් 365 දෙනෙකු නවදිල්ලි නුවර වෙත රැගෙන ගොස් තිබේ.

 

 

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි සටන් විරාමයක් ප්‍රකාශ කර තිබියදීත් තවමත් ගැටුම් නිම වී නොමැති බවයි.

views

233 Views

Comments

arrow-up