සාගරයට එකතු වන ප්ලාස්ටික අපද්‍රව්‍ය හේතුවෙන් දැවැන්ත ගෝලීය තර්ජනයක්

ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ 2040 වසර වන විට සාගරයට බැහැරවන ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය දැනට පවතිනවාට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි.
වර්තමානය වන විට ප්ලාස්ටික් කැබැලි ට්‍රිලියන 171 කට අධික ප්‍රමාණයක් ගෝලීයව සාගර ජලය මත පාවෙමින් පවතින බව මෙම අධ්‍යයනය මගින් අනාවරණය කොට ගෙන ඇත.
විද්‍යාඥයින් කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ 2005 වසරේ සිට සාගර ජලයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් දක්නට ලැබෙන අතර හදිසි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකින් තොරව මෙලෙස ප්ලාස්ටික් එක් වීම වැළැක්විය නොහැකි බවයි.
197 Views
Comments