වනවාටු දූපතේ ප්‍රබල භූකම්පාවක්

වනවාටු දූපතේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ. පැසිෆික් සාගරයේ වනවාටු දුපතේ බටහිරින් පිහිටි වරාය නගරයක් වන Luganville සිට කිලෝමීටර 81 ක පමණ දුර මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය කිලෝමීටර් 10ක පමණ ගැඹුරින් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා සිටී. එහි අගය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ක් බව සදහන් වේ.
මේ අතර මෙම භූ චලනයෙන් ඔස්ට්‍රේලියාවට හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කර සිටී.
ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය තව දුරත් ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රබල භූ චලනයෙන් පසු රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4ක පසු කම්පනයක්ද හටගෙන ඇති බවයි.
228 Views
Comments