2017 වසරේ සිදුවු මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය ගැන හෙළිදරවුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

2017 වසරේ සිදුවු මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය ගැන හෙළිදරවුවක්

2017 වසරේ සිදුවු මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය ගැන හෙළිදරවුවක්

බුද්ධි අංශ තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් 2017 වසරේ බ්‍රිතාන්‍යයේ සිදු වූ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බව විමර්ශන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුවේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජෝන් සවුන්ඩර්ස් සිය තුන්වන සහ අවසන් වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර ඇත.

 

උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර්  අරීනා හි පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සල්මාන් අබේඩි නම් 22 හැවිරිදි ලිබියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර අයි. එස්. සංවිධානයේ අනුග්‍රහය යටතේ තරුණ කණ්ඩායම් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගිය ලාබාලතම පුද්ගලයා වූයේ වයස අවුරුදු 8 ක දරුවෙකු බව සඳහන් වේ.

views

210 Views

Comments

arrow-up