FEB
24
සුපිරි නළු ආක්ෂේගෙන් ගිනස් වාර්තාවක්

තම රසික රසිකාවියන් සමඟ මිනිත්තු තුනකදී සෙල්ෆි ඡායාරූප 184 ක් ගනිමින් ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Selfiee සිනමාපටයේ ප්‍රවර්ධන කටයුත්තක් අතරතුර ඔහු මෙම ඡායාරූප ගෙන තිබුණි.
මෙයට පෙර ඇමරිකානු ජාතිකයෙකු වන ජේම්ස් ස්මිත් නමැති පුද්ගලයෙක් මෙම වාර්තාවට හිමිකම් කීවේය. ඒ, 2018 වසරේ දී Carnival Dream නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් තුළ විනාඩි 3 ක් තුළ සෙල්ෆි ඡායාරූප 168 ක් ගනිමින්ය.
176 Views
Comments