ලොව විශාලතම හෙලිකොප්ටර් කම්හල මෝදි අතින් විවෘත කෙරේ

පසුගියදා කර්ණාටක ප්‍රාන්තයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබූ හෙලිකොප්ටර් නිෂ්පාදන සමාගම, ආසියාවේ විශාලතම හෙලිකොප්ටර් නිෂ්පාදනාගාරය බව වාර්තා වේ. එරට මාධ්‍ය වාර්තා කළේ, එය ඉන්දියාවේ හෙලිකොප්ටර් අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධානතම නිෂ්පාදනාගාරය වන අතර, වසරකට අවම වශයෙන් හෙලිකොප්ටර් යානා දහසක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බවයි.
තවදුරටත් වාර්තා වන්නේ, නව හෙලිකොප්ටර් නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමඟ කර්ණාටක ප්‍රාන්තයේ හයදහසක් පමණ රැකියා අවස්ථා උත්පාදනය වී ඇති බවයි. ඉන්දීය අගමැතිවරයා අතින් කර්ණාටක ප්‍රාන්තයේ ටුමකුරු පළාතේ පිහිටි එම හෙලිකොප්ටර් නිෂ්පාදනාගාරය ආශ්‍රිත අවට කලාපයේ තවත් ව්‍යාපෘති රැසකට මුල්ගල තැබීම එදින සිදුවී ඇත.
එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, හින්දුස්තාන් ගගනයාත්‍රා සමාගම නමැති එරට රජයට අයත් නිෂ්පාදන සමාගමක් යටතේ නව හෙලිකොප්ටර් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් සිදු කෙරෙන බවත්, ඒ අනුව මෙතෙක් ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවලින් සිදු කළ හෙලිකොප්ටර් අපනයනය මුළුමනින්ම අවසන් වනු ඇති බවත් ය.
189 Views
Comments