විශ්වයේ අතරමං වූ ගගනගාමියෝ

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට පැමිණීමට නොහැකිව රැඳී සිටින ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ඒම සඳහා යවන ලද යානයක් කුඩා උල්කාපාතයක ගැටීමෙන් දෝෂයකට ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම නිසා ඔවුන් තිදෙනා පෘථිවියට රැගෙන ඒමට වෙනත් යානයක් යැවීමට සිදුව ඇති බවයි.
රුසියානු ගගනගාමීන් වන සර්ජි ප්‍රොකොපියෙව් සහ දිමිත්‍රි පෙටලින් සහ එක්සත් ජනපද ගගනගාමී ෆ්‍රැන්සිස්කෝ රුබියෝ යන ගගනගාමීන් මෙලෙස කොටු වී ඇත. මාර්තු මාසයේදී ඔවුන්ගේ මෙහෙයුම අවසන් කිරීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් ඔවුන්ගේ Soyuz MS-22 කැප්සියුලයේ සිසිලන පද්ධතිය මාස දෙකකට පෙර කාන්දු වීමට පටන් ගැනීමෙන් පසුව ඔවුන් අභ්‍යවකාශයේ සිරවී ඇත. මේ සතියේ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් පැවසුවේ මෙම තිදෙනා සැප්තැම්බර් මාසයේ දී Soyuz MS-23 යානයෙන් පෘථිවියට පැමිණෙනු ඇති බවයි.
231 Views
Comments