කාම්බෝජයේ දැරියක් කුරුළු උණෙන් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

කාම්බෝජයේ දැරියක් කුරුළු උණෙන් මිය යයි

කාම්බෝජයේ දැරියක් කුරුළු උණෙන් මිය යයි

වසර නවයකට පසු කාම්බෝජයේ එකොළොස් හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත.

 

ප්‍රේ වෙන්ග් පළාතේ දැරියකට මෙලෙස H5N1 වෛරසය වැළඳී ඇති අතර ඇය මීට සතියකට පමණ පෙර දැඩි උණ, කැස්ස හා උගුරේ අමාරුවෙන් පීඩා විඳිමින් සිට ඇටි බව වාර්තා වේ.

 

ඇයගේ ගම් ප්‍රදේශයේ සිට නොමිපෙන් අගනුවර ළමා රෝහල වෙත ගෙන ගොස් තිබුණ ද, රෝග විනිශ්චය කිරීමෙන් කිහිප දිනකට පසු ඇය මියගොස් ඇත.

 

දැරියගේ ගම අසලින් කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල ද නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර,මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

 

කාම්බෝජ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඇගේ පියාද කුරුළු උණ ආසාදිත බව පරික්ශා කරන පරීක්ෂණයකින් ධනාත්මක බව පෙන්වා ඇති බවයි.

views

172 Views

Comments

arrow-up