ගුවන්යානයක් තුළ පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් තැබූ අයෙක් කොටු වෙයි

ගුවන්යානයක පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් තැබීමට උත්සාහ කළ පුද්ගලයෙක්ව පෙන්සිල්වේනියා ලීහයි වෑලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාක් මෆ්ලි නැමති පුද්ගලයෙක්ට අයත් ගමන් මල්ලක් ගුවන්යානයට දැමීමට පෙර පරීක්ෂා කරන විට අනතුරු හැඟවීමේ සංඥා නිකුත් වූ බවත්, අනතුරුව එම ගමන්මල්ල වෙන්කර පරීක්ෂා කරන විට එහි පුපුරණ ද්‍රව්‍ය තිබී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
පුපුරණ ද්‍රව්‍ය හමුවීමෙන් පසුව මාක් මෆ්ලිව ආරක්ෂක නිලධාරීන් කැඳවා ඇති නමුත් ඔහු ගුවන්තොටුපොළෙන් පලාගොස් තිබුණ අතර පසුව ආරක්ෂක අංශ විසින් එම පුද්ගලයා ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.
194 Views
Comments