ඇෆ්ගන් කාන්තාවන් විසින් මෙහෙයවන එකම ගුවන් විදුලි මධ්‍යස්ථානය යළි ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ඇෆ්ගන් කාන්තාවන් විසින් මෙහෙයවන එකම ගුවන් විදුලි මධ්‍යස්ථානය යළි ඇරඹේ

ඇෆ්ගන් කාන්තාවන් විසින් මෙහෙයවන එකම ගුවන් විදුලි මධ්‍යස්ථානය යළි ඇරඹේ

සදායි බැනොවන් නමැති ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විසින් මෙහෙයවන එකම ගුවන් විදුලි මධ්‍යස්ථානය යළි ආරම්භ කර තිබේ.

 

 

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානය රාමසාන් මාසය තුළ සංගීතය වාදනය කිරීමෙන් වැළකී සිට මේ දින වල නැවත එහි විකාශන කටයුතු ආරම්භ කර ඇති බව තලේබාන් නිලධාරියෙකු පවසා ඇත.

 

 

මීට වසර 10 කට පෙර Badakhshan පළාතේ දියත් කරන ලද මෙම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සිටින 8 දෙනාගෙන් 6 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි.

 

 

2021 වසරේ අගෝස්තුවේ තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු බොහෝ මාධ්‍යවේදීන්ට රැකියා අහිමි වූ අතර කාන්තාවන්ට විශ්වවිද්‍යාල ඇතුළුව හයවන ශ්‍රේණියෙන් පසුව අධ්‍යාපනයද තහනම් කර ඇත.

 

 

තවද 1990 දශකයේ අග භාගයේදී තලේබාන්වරුන් රටේ බොහෝ රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් මාධ්‍ය තහනම් කර තිබුනද මෙතෙක් සංගීතයට නිල තහනමක් පනවා නොමැත.

views

145 Views

Comments

arrow-up