රුසියානු හමුදාවට ඇමරිකාවෙන් චෝදනා

ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසන්නේ, රුසියාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවයි. කමලා හැරිස් යුක්‍රේන ආක්‍රමණයට වසරක් පිරීම නිමිත්තෙන් මියුනික් නුවර පැවති ආරක්ෂක සමුළුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ විශේෂ මෙහෙයුම් තුළ රුසියාව මිනීමැරුම්, වධහිංසා සහ ස්ත්‍රී දූෂණ සිදුකර ඇති බවය.
රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාක්ෂි හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළාය. එහෙත්, අන්තර්ජාතික අපරාධ අධිකරණයට පමණක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය ඇති අතර එම නීති බලාත්මක වන්නේ එහි සාමාජික රටවල් සඳහා පමණි. රුසියාව එම ගිවිසුමට අත්සන් කර නොමැති බැවින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ බලයට යටත් නොවන බව ද වාර්තා වේ.
205 Views
Comments