යුක්‍රේන - රුසියා සංග්‍රාමයට අදට වසරක් සපිරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

යුක්‍රේන - රුසියා සංග්‍රාමයට අදට වසරක් සපිරෙයි

යුක්‍රේන - රුසියා සංග්‍රාමයට අදට වසරක් සපිරෙයි

රුසියාව යුක්‍රේනය තුළ ආරම්භ කළ විශේෂ හමුදා මෙහෙයුමට අදට වසරක් සපිරෙයි. රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කර ගනිමින් එම විශේෂ මෙහෙයුම ආරම්භ කළේය. රුසියානු හමුදා විසින් ගතවූ වසර තුළ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොර්ෂියා යන කලාප ඇතුළු යුක්‍රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබේ.

 

පැවැති යුද්ධයේ පසුගිය කාලය තුළ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් වෙයි. සර්ප දූපත අත්පත් කරගැනීම, ලොව විශාලතම යුක්‍රේන ගුවන් යානය විනාශ වීම, රුසියාවේ මොස්කාවා නෞකාවට ප්‍රහාර එල්ල වීම, මරියාපෝල් වානේ කම්හල අත්පත් කර ගැනීම, ක්‍රිමියානු පාලමට යුක්‍රේනය පහරදීම සහ ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් සමස්ත යුක්‍රේනයටම මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඒ අතර වෙයි.

 

යුද්ධය තුළ තීරණාත්මක අවස්ථාවක් ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වීමද සැළකෙයි. වාර්තා වන්නේ, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන් විසින් යුක්‍රේනයට යුධ ටැංකි ඇතුළු බර අවි සැපයීම මෙන්ම පුහුණුව ලබාදීම සිදුකෙරෙන  අතර මේ හේතුවෙන් යුක්‍රේන රුසියා ගැටුම, නේටෝ - රුසියා ගැටුමක්  දක්වා වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවයි.

views

172 Views

Comments

arrow-up