චීනයට එරෙහිව බයිඩ්න්ගෙන් නිල ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

චීනයට එරෙහිව බයිඩ්න්ගෙන් නිල ප්‍රකාශයක්

චීනයට එරෙහිව බයිඩ්න්ගෙන් නිල ප්‍රකාශයක්

 

තායිවානය ආක්‍රමණය කිරීමට චීනය දරන ඕනෑම උත්සාහයකදී තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පසුගියදා තහවුරු කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යටතේ පාලනය වන තායිවානය මේ වන විට ආර්ථික හා සමාජයීය ක්ෂේත්‍ර තුළින් ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටින අතර, මේ දූපත් රාජ්‍යය තම රටේ පාලන කලාපයට අයත් භූමියක් බව කියමින් චීනය මේ වන විටත් තායිවානයට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටී. එහෙත් මේ දූපත් රාජ්‍යය ආක්‍රමණය කිරීමට චීනය උත්සාහ කළහොත් කොන්දේසි රහිතව තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අමෙරිකාව තීරණය කර ඇත.

 

 

ජෝ බයිඩ්න් අමෙරිකාවේ සීබීඑස් රූපවාහිනි සේවයේ මිනිත්තු 60 නමැති සම්මුඛ සාකච්ඡාවකට පසුගියදා එක් වූ අතර, එහිදී චීනයේ තායිවාන ආක්‍රමණයකදී අමෙරිකාව මැදිහත් වන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බයිඩ්න් ‘ඔව්‘ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

තායිවානය සම්බන්ධව සිය ප්‍රතිපත්ති වෙනස් වී නැති බවත්, තායිවානයේ තත්ත්වය සාමකාමීව විසඳා ගැනීමට අවශ්‍ය බවත් ජනාධිපති බයිඩ්න් වැඩිදුරටත් පවසා තිබේ. එහෙත් චීන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා හමුදා යවන්නේදැයි ඔහු නිශ්චිත වශයෙන් පිළිතුරු සපයා නැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

views

206 Views

Comments

arrow-up