සූපවේදී පෙම්වතා තම පෙම්වතියව ක්‍රෑර ලෙස ඝාතනය කර අවසානයේ සිරුරට කල සාහසික ක්‍රියාව

සාමාන්‍යයෙන් ආදරයේදී ඕනේම දෙයක් කරන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා.
ඒත් ආදරය සාහසික ක්‍රියාවකින් අවසන් වෙනවා නම් ඒකට ආදරය කියලා කියන්න බැහැ.
මේ සිදුවීම අපට වාර්ථා වෙන්නේ අල්ලපු රටෙන්
ඉන්දියාවේ දිල්ලි නුවරදී 28 හැවිරිදි පෙම්වතා විසින් 26 හැවිරිදි පෙම්වතියගේ ගෙල සිරකර මරා දැමූ පුවතක් වාර්ථා වෙනවා.
ඇයව මරා දමා පමනක් නොව කෑලි 35 කට කපා ශීතකරණයේ තබා දිනකට කැබලි දෙක තුනක් බැගින් දින 18 ක් ඇගේ මළ සිරුරේ කොටස් අලුයම් කාලයේදී කැළෑබද ප්‍රදේශවලට ඔහු විසි කර තියෙනවා.
සූපවේදියෙකු ලෙස පුහුණුව ලබා ඇති බවට වාර්තා වන සැකකාර පෙම්වතා, මෙය කලින් සැලසුම් කළ ඝාතනයක් බවට තහවුරු වන අතර පෙම්වතියගේ සිරුර බැහැර කළ හැකි වන පරිදි කැළෑබද ප්‍රදේශයකට ආසන්නව පිහිටි චතාර්පූර්හි මහල් නිවාසයක රැඳී සිට තියෙනවා.
ඔහු සෑම දෙයක්ම කල්තියා සැලසුම් කර ඇති අතර ශීතකරණයක්ද මිලදී ගෙන තියෙනවා.
මොවුන් දෙදෙනා මුම්බායි හි යහළුවන්වූ අතර ඔවුන්ගේ පෙම් සබඳතාවය ඇගේ පවුලේ අය අනුමත නොකළ පසු පෙම්වතුන් යුවළ දිල්ලියට පැන ගොස් කැළෑබද ප්‍රදේශයක මහල් නිවාසයක ජීවත් වී තියෙනවා.
451 Views
Comments