රජිව් ඝාන්ධි ඝාතකයින්ට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

රජිව් ඝාන්ධි ඝාතකයින්ට නිදහස

රජිව් ඝාන්ධි ඝාතකයින්ට නිදහස

රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.

 

නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත.

 

ඉකුත් මැයි 18 වැනිදා රජිව් ඝාන්ධි ඝාතනයට වරදකරු වී වසර 30 ක් සිර දඬුවම් විඳිමින් සිට ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබීමෙන් පසු නාලිනී ශ්‍රීහරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබේ.

 

1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්විය.එහිදී විත්තිකරුවන් 7 දෙනෙක් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඉකුත් මැයි මාසයේදී එක් විත්තිකරුවෙකු වූ ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.

 

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ ඒ.ජී පෙරරිවාලන් ලැබූ සහනයට සමාන සහනයක් ඉල්ලමින් නාලිනී ශ්‍රීහරන් පෙත්සම ගොනුකර තිබේ.

views

239 Views

Comments

arrow-up