උතුරු කොරියාව නිසා ජපානයත් අවදානමක

කොරියානු අර්ධ ද්වීපය තුළ මේවනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ, උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම හමුවේයි.
උතුරු කොරියාව ඊයේ දකුණු කොරියාව දෙසට මිසයිල 23ක් එල්ල කර තිබුණා. ඒ අතරට දිගු දුර, කෙටි දුර මෙන්ම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලද වන බවයි දකුණු කොරියාව මෙන්ම ජපානයද පැවසුවේ.
මේ අතර උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම හමුවේ ජපානයද දැඩි අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිය මුහුදු සීමාවටද උතුරු කොරියාව එල්ල කළ බැලැස්ටික් මිසයිලයක් පතිත වී ඇති බවයි ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඒ හමුවේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාවට නිවාස තුළට වී සිටින්නැයි ජපාන අග්‍රාමාත්‍ය සූමියෝ කිෂීඩා දැනුම් දී තිබෙනවා.
අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කිරීම සදහා උතුරු කොරියාව උදහසට ලක් කර ඇත්තේ දකුණු කොරියාව හා අමෙරිකාව එක්ව සිදු කරමින් සිටින ගුවන් අභ්‍යාස මාලාවක් හමුවේයි.
258 Views
Comments