ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ඉල්ලා අස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ඉල්ලා අස් වෙයි

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ඉල්ලා අස් වෙයි

සිය ධුර කාලය අවසන් වීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා නිවේදනය කර තිබේ.

 

ඒ අනුව ඔහු ලබන ජුනි මස 30 වැනිදා ලෝක බැංකුවේ සභාපති ධූරයෙන් ඉවත් වීමට නියමිතය. ඩේවිඩ් මල්පාස් මහතා එම ධුරයට පත් කරනු ලැබුවේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් 2019 වසරේ දීය.

 

ලොව ප්‍රමුඛතම සංවර්ධන ආයතන ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඩේවිඩ් මල්පාස් මහතා ප්‍රකාශ කර තිබේ.

views

176 Views

Comments

arrow-up