පොලීසියේ නොහැකියාවෙන් ගිණිබත් වූ මන්ත්‍රී නිවාස

ඉන්දියානු රජයේ සහ පොලිසියේ නොහැකියාවෙන් සිදුවූ විනාශය ඉන්දියාවේ අලුතින් පිහිටුවන ලද කොනසීමා දිස්ත්‍රික්කය, ආචාර්ය බීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් කොනසීමා ලෙස නැවත නම් කිරීමට යෝජනා කිරීමට විරුද්ධව අමලාපුරම් නගරයේ විරෝධතා හටගත් බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතා මර්දනය කිරීමට පොලිසිය පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ විරෝධතාකරුවන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රවාහන අමාත්‍ය පිනිපේ විශ්වරූප්ගේ නිවසට සහ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී පී සතීෂ්ගේ නිවසටද ගිනි තබා ඇත.
පොලිස් කණ්ඩායමක් උද්ඝෝෂකයන්ට බැටන් පොලු වලින් පහර දීමට පැමිණීමත් සමග කුපිත වූ විරෝධතාකරුවන් පොලිස් වාහනයකට සහ බස් රථයකට ගිනි තබමින් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තෙළිඟු දේසම් පක්ෂය,භාරතීය ජනතා පක්ෂය,ජන සේනා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය සාමකාමී නගරයක්ව පැවති අමලාපුරම් හි නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිළිබඳව මධ්‍යම රජයට දෝෂාරෝපණ එල්ල කර ඇත.
තෙළිඟු දේසම් පක්ෂයේ ප්‍රධානි එන් චන්ද්‍රබාබු නයිදු පවසා සිටින්නේ ”කොනසීමා හි සිදු වූ ගිනි තැබීම හරිම අවාසනාවන්ත සිදුවීමක්.මෙය පැහැදිලිවම රජයේ සහ පොලිසියේ නොහැකියාව නිසා සිදු වූවක්” බවයි.
බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමලාපුරම් හි ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නැතත් විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් තුවාල ලැබීම නිසා රෝහල් ගත කර ඇති බවත් තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ය.
594 Views
Comments