මිනිස් සිරුරු කොටස් සහිත බෑග් 45ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

මිනිස් සිරුරු කොටස් සහිත බෑග් 45ක්

මිනිස් සිරුරු කොටස් සහිත බෑග් 45ක්

මිනිස් සිරුරු කොටස් සහිත පොලිතීන් බෑග් 45ක් බටහිර මෙක්සිකෝවේ තිබී සොයාගෙන තිබේ.

 

එරට මාධ්‍ය වාර්තා කරන අන්දමට බටහිර මෙක්සිකෝවේ ග්වාදලහාරා ප්‍රදේශයෙන් එම සිරුරු කොටස් හමුවී ඇත.

 

එම සිරුරු කොටස් ගැහැණු සහ පිරිමි පුද්ගලයින්ගේ බවට සැකකරන අතර එරට ආරක්ෂක අංශ සැකකරන්නේ, මෙම සිරුරු කොටස් පසුගිය මැයි මාසයේ අතුරුදන්වූ ඇමතුම් මධ්‍යස්ථානයක සිටි සේවකයින් 7 දෙනෙකුගේ බවය.

 

කෙසේවෙතත් සොයාගන්නා ලද එම සිරුරු කොටස් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

views

255 Views

Comments

arrow-up