ඉන්දියාවේ මාළු යළිත් කටාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ඉන්දියාවේ මාළු යළිත් කටාරයට

ඉන්දියාවේ මාළු යළිත් කටාරයට

ශීත කළ මාළු ඉන්දියාවෙන් ආනයනය කිරීමට පනවා තිබූ තහනම කටාර් රාජ්‍යය විසින් තාවකාලිකව ඉවත් කර ගෙන තිබෙනවා. ඒ FIFA ලෝක කුසලාන පාපන්දු තරගවලියට පෙර ඉන්දියාවෙන් ආනයනය කල මත්ස්‍ය තොග කිහිපයක කොළරා බැක්ටීරියාව තිබු බවට අනාවරණය වීමෙන් පසුවයි.

 


මෙම තහනම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ  පනවා තිබේ.

 


ඉන්දීය තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කිරීමෙන් පසු කටාර් රාජ්‍යයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය ශීත කළ මාළු ආනයනයට සඳහා පනවා තිබූ තහනම පෙබරවාරි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

views

191 Views

Comments

arrow-up