චීන ඉන්දියා දේශසීමාවේ අර්බුද අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

චීන ඉන්දියා දේශසීමාවේ අර්බුද අඩුවෙයි

චීන ඉන්දියා දේශසීමාවේ අර්බුද අඩුවෙයි

 

නැගෙනහිර කලාපයේ සැබෑ පාලන රේඛාව හරහා චීනය සමඟ සමස්ත තත්ත්වය තරමක් දුරට සන්සුන් බවත් සහ ‘තදින් පාලනය කර ඇති බවත් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය භාර යුධ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් රානා ප්‍රතාප් කලීටා අරුණාචල් ප්‍රදේශ්හිදී පවසා තිබේ.

 

නැගෙනහිර ලඩාක් හි ඩෙම්චොක් සහ ඩෙප්සාන්ග්හි ඉන්දියානු සහ චීන හමුදා ගැටුමක යෙදී සිටියද කලාපයේ තත්වය ස්ථාවර වී ඇති බව අණදෙන නිලධාරියා පැවසීය.

 

පාලන රේඛාව සමීපයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩ්‍රෝන, හෙලිකොප්ටර් සහ විද්‍යුත් නිරීක්ෂණ උපකරණ හඳුන්වාදීමත් සමඟ කලාපය තුළ තමන් උනන්දු වන ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට හමුදාව දැන් වඩා හොඳ ස්ථානයක සිටින බව ද ඔහු පැවසීය.

views

246 Views

Comments

arrow-up