රැජිණගේ අවමංගල උත්සවයට ආරාධනා නොකළාට රුසියාව කණස්සල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

රැජිණගේ අවමංගල උත්සවයට ආරාධනා නොකළාට රුසියාව කණස්සල්ලෙන්

රැජිණගේ අවමංගල උත්සවයට ආරාධනා නොකළාට රුසියාව කණස්සල්ලෙන්

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය සනිටුහන් කිරීම සඳහා රාජ්‍ය නායකයින් සහ රජයේ නායකයින්, රාජකීය පවුල්වල සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සිය ගණනකට අනුස්මරණ දේව මෙහෙයට බ්‍රිතාන්‍ය බලධාරීන් ආරාධනා කර තිබුණත් රුසියාව ඔවුන් අතර නැත.

 

රාජ්‍ය නායක පුටින් හා මොස්කව්හි විදේශ අමාත්‍යාංශයේ කෝපයට මෙම කාරණාව හේතුවී ඇත.

 

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ආරාධනයක් නොලැබීම "අතිශය වැරදිසහගත හැසිරීමක්" ලෙස රුසියාව විවේචනය කර තිබේ. බ්‍රහස්පතින්දා මොස්කව්හිදී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ “භූ දේශපාලනික අරමුණු සඳහා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ හදවත් ස්පර්ශ කරන ජාතික ඛේදවාචකය භාවිතා කිරීමට” බ්‍රිතාන්‍යය උත්සාහය කර ඇති බවයි.

 

අවමංගල්‍ය කටයුතු සඳහා ආරාධනාවක් නොමැති බව බ්‍රිතාන්‍ය රජය ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලයට පැහැදිලි කර දන්වා ඇති බවටද අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැමිණිලි කළාය.



බ්‍රිතාන්‍ය  පුවත් ඒජන්සියට අනුව, යුක්‍රේනයට එරෙහි මොස්කව් ආක්‍රමණික යුද්ධය නිසා බ්‍රිතාන්‍යය විසින් රුසියාවට සහ බෙලරුසියාවට ආරාධනා කරනු ලැබ නොතිබුණි.



අමාත්‍යාංශයේ ප්‍රකාශිකා සකාරෝවා වැඩිදුරටත් කියන්නේ දෙවන එළිසබෙත් මහ රැජින තමන් දේශපාලනයට මැදිහත් නොවූ බවය.

 

ඊට පටහැනිව, "බ්‍රිතාන්‍ය ප්‍රභූ පැලැන්තිය" දැන් දේශපාලන අරමුණු සඳහා ඇතිව තිබෙන තත්වය භාවිතා කරයි.

 

"අපගේ පැත්තෙන්, බ්‍රිතාන්‍ය ජනතාවට රැජිණගේ මරණය සමග ඇතිවූ කම්පනය සම්බන්ධයෙන් අපි අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු," සකාරෝවා පැවසුවාය.

views

275 Views

Comments

arrow-up