චාල්ස් රජුගේ කම්මුල සිපගත් කත
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

චාල්ස් රජුගේ කම්මුල සිපගත් කත

චාල්ස් රජුගේ කම්මුල සිපගත් කත

නව රජු ලෙස පත් වූ තුන්වැනි චාල්ස් රජු බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණ තම ජනයාට ආචාර කිරීමට අද(09) කටයුතු කර තිබුණා.

මෙම අවස්ථාවේදී චාල්ස් රජු ඉදිරියට යන අතරතුරදී සෙනග අතර සිටි එක් සුරූපී කාන්තාවක් රජුට කුමක් හෝ පවසා ඔහුගේ කම්මුල ආදරයෙන් සිප ගන්නා ආකාරය විදෙස් කැමරා කාචවල සටහන් වී තිබුණා.

ජෙසී ඇසිමිනීස් නම් මෙම සුරූපී කත රජු සිප ගැනීමට පෙර රජුගෙන් අවසර පැතීමද එම අවස්ථාවේදීම සිදුවූ බවයි වාර්තා වන්නේ.

තම රටේ රජතුමා වෙත හාදුවක් ලබාදීමට හැකිවීමත් ඒ සඳහා ඉඩ ලබා දීමත් වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ද ඇය ස්තූති කර තිබුණා. 

 

views

324 Views

Comments

arrow-up