SEP
10
ගංවතුරෙන් පාකිස්තානයට විශාල ආර්ථික පාඩුවක්

පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව එරටට සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 18 කට ආසන්න බවයි වාර්තා වන්නේ.
ජලය ගැලීම හේතුවෙන් එරට කපු, සහල්, තිරිඟු ඇතුළු වගාබිම් අක්කර මිලියන 4.2ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර දරිද්‍රතාවය සහ විරැකියාව 21.9% සිට 36% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 1325 ට අධික පිරිසක් ජීවිතක්ෂයට ද පත්වී තිබුණා.
235 Views
Comments