දෙවන එලිසබෙත් රැජිණ සිඩ්නි නගරවාසීන් සඳහා අතින් ලියූ පණිවිඩය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

දෙවන එලිසබෙත් රැජිණ සිඩ්නි නගරවාසීන් සඳහා අතින් ලියූ පණිවිඩය

දෙවන එලිසබෙත් රැජිණ සිඩ්නි නගරවාසීන් සඳහා අතින් ලියූ පණිවිඩය

දෙවන එලිසබෙත් රැජිණ විසින් සිඩ්නි නගරවාසීන් සඳහා අතින් ලියන ලද පණිවිඩයක් නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ රහසිගතව තබා තිබෙනවා. 

 

එහි ඇති විශේෂත්වය වන්නේ එය තවත් වසර 63 ක් ගතවෙන තෙක් කියවිය නොහැකි වීමයි. 


 
සිඩ්නි නගරයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් වික්ටෝරියා රැජිණ නම් ගොඩනැගිල්ලේ තබා ඇති එම ලිපිය වසර 2085 තෙක් විවෘත නොකළ යුතු බවට දැඩි උපදෙස් සහිතව සුරක්ෂිතව තබා තිබෙනවා. 


 
1986 නොවැම්බරයේදී ගොඩනැගිල්ලේ සිදුකරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව එදින සිට වසර 99 ක් යනතුරු කියවිය නොහැකි මෙම ලිපිය එලිසබෙත් රැජිණ විසින් ලියා තිබෙනවා. 


 
සිය අත් අකුරෙන් ලියන ලද එම ලිපියේ අන්තර්ගතව ඇත්තේ කුමක්ද යන්න ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පවා නොදන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


 
සිඩ්නි හි පිහිටි වික්ටෝරියා රැජිණ ගොඩනැගිල්ලේ ඉහළ පිහිටි ගෝලාකාර වීදුරු පෙට්ටියක් තුළ මෙම ලිපිය තැන්පත් කර තිබෙනවා. 


 
2085 වසරේ සුදුසු දිනයක මෙම ලියුම් කවරය විවෘත කර සිඩ්නි හි පුරවැසියන්ට මගේ පණිවිඩය දන්වන්න යනුවෙන් රැජිනගේ අත්සනින් යුතුව එහි සඳහන්.

views

241 Views

Comments

arrow-up